කටුනායක ගුවන් තොටුපොලෙන් පිටත්ව යන සියලුම යානා පරික්ෂා කිරිම අද



කටුනායක ගුවන් තොටුපොලෙන් පිටත්ව යන සියලුම යානා පරික්ෂා කිරිම  (25) ආරම්භ වුණා.විශේෂ කණ්ඩායමක් ඒ සදහා යොදවා ඇති බවයි ගුවන් හමුදාව ප‍්‍රකාශ කළේ.මෙම ආරක්ෂක අභ්‍යාසයේ සාර්ථකත්වය සොයා බැලීමට ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහලද ගුවන් තොටුපොලට පැමිණියා.බෙල්ජියමේ බ‍්‍රස්ල්ස් නුවරට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු ලොව බොහෝ ගුවන් තොටුපොලවල ආරක්ෂාව තරකෙරුණා.මෙරටට පැමිණෙන මගීන් පරික්ෂා කිරිමට ද විශේෂ අවධානය යොමුව ඇති බවයි ගුවන් තොටුපොල ආරක්ෂක අංශ සදහන් කළේ.

Courtesy : ITN news
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget