
"මේ දවස් ටිකේ සංගීත කණ්ඩායමේ (සීදූව සකුරා) වැඩ ටිකක් තියෙනවා. ඊට අමතරව ලොකුම දේ තමයි ස්ලිම් නීල්සන් පීපල්ස් අවෝර්ඩ් සම්මාන උලෙළේදී මට වසරේ ජනප්‍රියම ගීතයට සම්මාන ලැබුණා. ඒ "හිමාලයට වඩා උසයි" කියන ගීතයට. මේ සම්මානය වෙනුවෙන් මට විශේෂයෙන්ම ස්තූති කරන්න ඕනේ සංගීත කණ්ඩායමේ නායකා වන අජිත් අයියාට (අජිත් විතානගේ). අජින් අයියා තමයි මාව Promote කරලා උඩට ගත්ත හින්දනේ අද ජූඩ් කියලා කෙනෙක් ඉන්නේ සහ සම්මානයක් හම්බ වුණේ. මේ හින්දා එයාට විශේෂයෙන් ස්තූති කරනවා".
තව නොබො දිනකින් මගේ 'අම්මා' සිංදුව එළිදක්වනවා. ඒ ගීතයේ සංගීතවත් කළෙ යෂාන් ප්‍රනාන්දු, ගීතය ලිව්වේ ඩිලාන් ගමගේ විසින්. මේ ගීතයේ මූලිකව අඩංගු වෙලා තියෙන්නේ, අම්මාගේ වටිනාකම සහ අගය ගැනයි. බිරිඳගේ ආදරය වැඩිය උසස් ආදරයක් කියලා පෙන්නන ගීතයක්. ඉතිං පුතෙක් සමාව ඉල්ලනවා අම්මාගෙන් බැඳලා වෙන ගෙදරකට යන නිසා කියනා අරුතක් තමයි මේ ගීතයේ අඩංගු වෙලා තියෙන්නේ. ඒ දේවල් ටික තමයි මේ දවස්වල තොරතුරු හැටියට කියන්න තියෙන්නේ
(සරසවිය පුවත්පත ඇසුරෙනි)
0 comments :
Post a Comment