
"මම අගෝස්තු මාසෙදී "අ.පො.ස උසස් පෙළ" විභාගය සඳහා පෙනී සිටින නිසා මේ දවස්වල වැඩිපුරම කරන්නෙ පාඩම් කරන එක තමයි. ඒ වගේම මේ දිනවල වාර විභාගයටත් මුහුණ දෙන නිසා ගෙදරට වෙලා පාඩම් වැඩ කරන එක තමයි ගොඩක් වෙලාවට කරන්නේ. "අ.පො.ස උසස් පෙළ" විභාගයට මුහුණ දෙන්න තියෙන නිසා පහුගිය අවුරුද්දේ අවසානේ ඉඳලා මුකුත්ම කලා කටයුත්තකට සම්බන්ධ වුණේ නැහැ. අන්තිමට කළේ "අපේ ආදර" කියලා ග_ප් සින්දුවක්. මේ ගීතයට මමත් එක්ක "ඩ්‍රිම් ස්ටාර්" තරුවක් වූ චේතනා රණසිංහ, තිසර පෙරේරා, කිර්ති පැස්කුවල් අංකල්ගේ පුතා කසුන් පැස්කුවල්, චන්ද්‍රිකා සිරිවර්ධන ආන්ටිගේ දුව දුල්ෂාරා හා හිරු විජේසිංහ මේ ගීතයට මාත් එක්ක ගායනා කරනවා. මේ ගීතයේ ඕඩියෝව දැනට නාළිකාවලින් අහන්න පුළුවන්. ඒ වගේම මේ ගීතයට මියුසික් වීඩියෝවක් කරන්නත් අපි ප්ලෑන් කරගෙන ඉන්නවා."
0 comments :
Post a Comment