අඳුන ගන්න බැරි තරමට කළු වෙලා



පියුමි ශානිකා බොතේජු මේ දවස්වල නිවේදනයට, ටෙලිනාට්‍යවලට වගේම චිත්‍රපට සඳහා නැතිවම බැරි නිළියක්. පසුගිය දවස්වල පියුමි අලුත්ම ටෙලි නාට්‍ය කිහිපයකටම දායක වුණා. මේ අතර ඇය රඟන 'සබ්බ සකලමනා' ටෙලි නාට්‍යය ප්‍රේක්ෂකයන් අතර ජනප්‍රියත්වයට පත් වී තිබෙනවා. පසුගිය දවසක මේ ටෙලි නාට්‍යයේ රූගත කිරීම් බොල්ගොඩ ගඟ අසල සිදුවුණා. ගඟේ බෝට්ටුවල නැඟීගෙන සිදු කරන්න වූ රූගත කිරීම් නිසා ඇය නොහිතපු අන්දමේ අද්දැකීම් වලටත් මුහුණ දුන් බව අපිට දැනගන්න ලැබුණා.

'මම රංගනයෙන් දායක වු 'සබ්බ සකලමනා' ටෙලිනාට්‍යයේ කොටස් කිහිපයක්ම පසුගිය දවස්වල රූගත කළේ බොල්ගොඩ ගගේ. මේ දවස්වල හොඳටම අව්ව සැර නිසා නොසිතපු විදිහට අව්වට අපි හැමටම මුහුණ දෙන්න සිදු වුණා. දැඩි අව් රශ්මිය මධ්‍යයේ රූගත කිරිම් සිදු වු නිසා මට මාවම අඳුන ගන්න බැරි තරමට මගේ මුළු මුහුණම කළු වෙලා. කොහොම වුණත් දර්ශන තලයට එනකොට අපි හැමදෙනාම අවුවේ පිච්චෙනවා. පුදුමය කියන්නේ ඇක්ෂන් කියත්දී ඒ පිච්චිලි ඉබේම අමතක වෙනවා. ආයෙත් චරිතයට අනුගත වෙලා රඟපානවා.'

(සිළුමිණ පුවත්පත ඇසුරෙනි)
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget