
මොනවද ශෙහානි අලුත් තොරතුරු එහෙම?
මේ දවස්වල මම අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා ඉන්නවා.
කොහොමද ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්නේ?
දෙරණ ටී.වී. එකේ නිවේදිකාවක් විදිහට තමා මුලින්ම සම්බන්ධ වුණේ. ටී්‍රම් ටී්‍රම් කියන ළමා වැඩසටහන තමා මං මුලින්ම කළේ.
සුජාතාට ලැබෙන්නේ මොන වගේ ප්‍රතිචාරද?shehani (1)
නොයෙකුත් ප්‍රතිචාර හම්බ වෙනවා. ඒවා දෙපැත්තටම තියෙනවා. හොඳයි කියන අය ගොඩක් ඉන්නවා.
පවුලේ විස්තර ටිකක් කියමු?
මමයි, අම්මයි, තාත්තයි විතරයි.
ඔබට සිනමාවට ආරාධනා ලැබුණේ එහෙම නැද්ද?
ආරාධනා නම් ලැබෙනවා. චිත්‍රපටයක රඟපාන්න ආසයි. ඒත් මං හිතන්නේ තව මම පරිණත වෙන්න ඕන කියලා.
කොයි වගේ චරිතද රඟපාන්න කැමැති?
නපුරු චරිත තමා ආස. ඒ වගේම අහිංසක, ගැමි චරිත රඟපාන්නත් කැමැතියි.
සුජාතා හි ඔබ රඟපාන්නේ මාධව සමග. ඔහුගෙන් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද?
හොඳ සහයෝගයක් ලැබෙනවා. සහෝදරයෙක්, යාළුවෙක් විදිහට ගොඩක් උදව් කරනවා.
මතෛක් ආව ගමන ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම සතුටුයි. මං මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා අවුරුදු දෙකක් වෙනවා. කරන්න ගොඩක් දේවල් තියෙනවා. යායුතු දුර බොහෝයි කියලා මම දන්නවා.
ගෙදරින් ලැබෙන්නේ මොන වගේ සහයෝගයක්ද?
ලොකු සහයෝගයක් ලැබෙනවා. හැමදේම සොයා බලනවා. අම්මයි, තාත්තයි දෙන්නම මා ගැන නිතරම හොයලා බලනවා.
අනාගත බලාපොරොත්තු මොන වගේද?
රංගනය පැත්තෙන් මට තව ගොඩක් දුර යන්න පුළුවන්. හදාරමින් දිගටම ඉන්න බලාපොරොත්තු වෙනවා.
(දිවයින පුවත්පත ඇසුරෙනි)

0 comments :
Post a Comment