අවපීඩන තත්ත්වය අද දිවයිනෙන් බැහැරට

අවපීඩන තත්ත්වය අද දිවයිනෙන් බැහැරට

දින කිහිපයක්‌ තිස්‌සේ මුළු දිවයිනටම බලපෑ අධික වර්ෂාවට හේතු වූ වායුගෝලයේ අඩු පීඩන කලාපය අද (18 ) ‍මෙරටින් බැහැරට ගොස්‌ තමිල්නාඩුව හරහා ඉන්දියාවට ඇතුළු වනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජනරාල් ලලිත් චන්ද්‍රපාල මහතා ප්‍රකාශ කරයි. 

එසේ වුවත් මෙම අවපීඩන කලාපයේ බලපෑම මෙරටින් සම්පූර්ණයෙන්ම පහව ගොස්‌ නොමැති බවත් එබැවින් තවදුරටත් උතුර, උතුරුමැද, වයඹ පළාත්වලට හා දිවයිනේ නිරිතදිග කොටසටත් තැනින් තැන වැසි හෝ ඉතා තද වැසි ඇති විය හැකි බවත් ඒ මහතා කියාසිටියේ ය. 

මෙම අඩු පීඩන කලාපය තව දින කිහිපයකින් පහව ගිය ද නිරිතදිග මෝසම සක්‍රිය වන බැවින් තවදුරටත් සවස්‌ කාලයේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇති විය හැකි බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මුහුදු ප්‍රදේශයන්හි සුළඟේ වේගය පැයට කිලෝමීටර් 70-80 ත් අතර ප්‍රමාණයක්‌ දක්‌වා ඉහළ යා හැකි බැවින් නාවික හා ධීවර ප්‍රජාව ඒ පිළිබඳ සැලකිලිමත් වන ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.
 

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget