පොලිස් පුවත් දෙන්න මාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්‌ඩලයක් එයි

පොලිස් පුවත් දෙන්න මාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්‌ඩලයක් එයි

මින් ඉදිරියට පොලිස්‌ දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති මාධ්‍යයට ලබාදීම මාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්‌ඩලයක්‌ යටතේ සිදුකරන බව පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා පවසයි.

නව මාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්‌ඩලය ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස්‌ අධිකාරිවරුන් වන ප්‍රියන්ත ජයකොඩි, අජිත් රෝහණ සහ හිටපු පොලිස්‌ මාධ්‍ය ප්‍රකාශක පොලිස්‌ අධිකාරි රුවන් ගුණසේකර යන මහත්වරුන් කටයුතු කිරීමට නියමිත බවද පොලිස්‌පතිවරයා සඳහන් කළේය.

පොලිසිය පිළිබඳ පුවත් විධිමත්ව සියලු මාධ්‍ය ආවරණය වන පරිදි ලබාදීම සඳහා මෙම පියවර ගෙන ඇති අතර නව පොලිස්‌ මාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්‌ඩලය නිල වශයෙන් ස්‌ථාපිත කිරීමෙන් පසු ඕනෑම අයකුට ඉහත කී නිලධාරීන් තිදෙනාට කතා කර තොරතුරු ලබාගත හැකි බවද පොලිස්‌පතිවරයා පැවසී ය.

මෙම නව මාධ්‍ය අධ්‍යක්‍ෂ මණ්‌ඩලය කඩිනමින් ස්‌ථාපිත කරන බවත් ඒ සඳහා අවශ්‍ය කටයුතු සකස්‌ කෙරෙමින් පවතින බවත් පොලිස්‌පති පූජිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් පැවැසීය.

(දිවයින)

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment