අගමැති යළි දිවයිනට

අගමැති යළි දිවයිනට

දකුණු කොරියාවේ සංචාරයක නිරත වී සිටි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සහ දූත පිරිස ඊයේ (30) රාත‍්‍රී නැවත මව්බිමට පැමිණියේ ය. 

අප වාර්තාකරු සඳහන්කළේ කැතේ පැසිෆික් ගුවන් සේවයට අයත් සී.එක්ස්. 611 දරණ යානයෙන් ඔවුන් ඊයේ රාත‍්‍රී 11.00ට පමණ ගුවන් තොටුපොළට ළඟා වූ බවයි. 

මෙම සංචාරයේ දී අග‍්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස එක්සත් ජාතීන්ගේ මහලේකම් බැන්කි මූන් මහතා ද හමු වී තිබේ. 

දකුණු කොරියාවේ පැවති 107වන ජාත්‍යන්තර රොටරි සමුළුවේ කෙටි උත්සවයේ දී ප‍්‍රධාන දේශනය පැවැත්වූයේ ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා විසිනි.

TKG කපිල

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment