හිටපු ජනපති ලේ්කම් FCIDයට

හිටපු ජනපති ලේ්කම් FCIDයට

හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග මහතා සහ නිවාස සංවර්ධන අධිකාරියේ හිටපු සභාපති ජයන්ත සමරවීර මහතා අද (31) පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණ තිබේ.

ඒ, ලලිත් වීරතුංග මහතා ජනාධිපති ලේකම්වරයාව සිටිය දී රථ වාහන සඳහා අයථා ලෙස මුදල් වෙන් කළ බවට එල්ල වන චෝදනාවකට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

ජයන්ත සමරවීර මහතා පැමිණ තිබෙන්නේ ඔහු නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ධූරය දැරූ කාලසීමාව තුළ දී සිදු වූ බව කියන මූළ්‍ය දූෂණ පිළිබඳව ප්‍රකාශයක් ලබාදීම සඳහායි.

මේ අතර ඇවන්ගාඩ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා ද අද උදෑසන පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණි බව වාර්තා වේ.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment