මාවනැල්ල - අරණායක, හත්ගම්පළ එළඟපිටිය කන්ද අද (17) පස්වරුවේ නාය යාමට පටන්ගෙන තිබේ.
නිවාස 120ක් පමණ පිහිටා ඇති එම ප්‍රදේශයේ ආපදාවට ලක්වූවන් මුදාගැනීමේ මෙහෙයුම් කටයුතු පොලිසිය, හමුදාව හා ආපදා කළමනාකරණ නිලධාරීන් එක්ව සිදු කරමින් පවතියි.
එළඟපිටිය කඳු මුදුනේ පිහිටි සාමසර විහාරස්ථානය පළමුව නාය යෑමට ලක් වූ බව ප්‍රදේශවාසීන් පවසන අතර නිවාස රැසක් ද මේ කැඩී බිඳී ගොස් ඇතැයි වාර්තා වේ.
මේ වන විට පවුල් 200ක් පමණ දිප්පිටිය රාජගිරි මහා විද්‍යාලයේ සහ හත්ගම්පොළ විහාරස්ථානයේ රඳවා ඇත.
වීඩියෝව පහතින්.
0 comments :
Post a Comment