වසන්ත සොයිසා ඝාතයේ සැකකරුවෝ 15කට ඇප දෙති.

අනුරාධපුර රාත්‍රී සමාජ ශාලා හිමිකරුවෙකු වු වසන්ත සොයිසා ඝාතනය කළැයැයි සිද්ධියට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් 21 දෙනාගෙන් 15 දෙනෙකුට  ඇප ලබාදීමට අනුරාධපුර මහාධිකරණය අද (06) නියෝග කළේය.

ඝාතනය කිරීමේ සිද්ධිය මෙහෙයවු එස්.එෆ් ලොක්කා ඇතුළු සැකකරුවන් 21 දෙනෙකු අනුරාධපුර මහාධිකරණයට ගොනුකල ඇප අයදුම්පත් සලකා බැලු උතුරුමැද පළාත්බද මහාධිකරණය වසන්ත සොයිසා මහතාට පහරදී ඝාතනය කල බවට සැක කරන සැකකරු ඇතුළු 15 දෙනෙකු දැඩි ඇප කොන්දේසි මත මුදාහැරිමට අද (06) නියෝග කලේය.


ඔවුන් සියළුදෙනාට එරෙහිව ලංකා දණ්ඩනීතී සංග්‍රහයේ 296 (මිනී මැරිම) වෙනි වගන්තිය යටතේ චෝදනා ගොනු කර තිබුනි. ඝාතන සැලසුමේ ප්‍රධාන සැකකරුවන අංක 35/3, කාර්මික පෙදෙස දහයියාගම හංදිය අනුරාධපුර ලිපිනයේ පදිංචි  ශ්‍රී ලංකා  යුද හමුදා විශේෂ කාර්ය බලකායෙන් පළාවිත් සිටින කෝප්‍රල්වරයෙකු වන රණසිංහ ආරච්චිලාගේ ඉරෝන් රණසිංහ  හෙවත් එස්.එෆ් ලොක්කා ඇතුළු හය දෙනෙකුගේ ඇප අයදුම් සලකා බැලිම මේ මස 21 වනදා දක්වා කල් දැමිමට විනිසුරුවරයා නියෝග කලේය.


එතෙක් එම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගතව සිටී.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment