කොස්ගොඩ සාලාව හමුදා කඳවුරේ ගින්න සහ පිපිරීම සම්බන්ධයෙන් කරුණු සොයා බැලීම සඳහා අගමැතිවරයා එම ප්‍රදේශයේ කළ සංචාරයේ දී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරයෙකුගේ ක්‍රියා කලාපය පිළිබඳව විශේෂ සඳහනක් කර තිබෙනවා.
ඒ දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා පිළිබඳවයි. දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ නිවස පිහිටා ඇත්තේ ද ඒ ආසන්නයේයි. රජයේ නිලධාරීන්,හමුදාව,පොලිසිය මෙන්ම දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයා ද ඊයේ(06) සිට එම ප්‍රදේශයේ තත්ත්වය සාමාන්‍ය අතට ගෙන ඒම සඳහා කටයුතු කර ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එහිදී දේශපාලන බේදයකින් තොරව සඳහන් කරනු ලැබුවා.
එමෙන්ම ප්‍රදේශයේ තත්ත්වය සාමාන්‍ය අතට ගෙන ඒම සඳහා ඉදිරියටත් ඔවුන්ට සහාය දිය යුතු බවයි අගමැතිවරයා සියල්ලන්ට එහිදී දැනුම් දී සිටියේ. කොස්ගම හමුදා කදවුර ආසන්නයේ පිහිටි දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමන්ගේ නිවස වෙත ගොස් එම පවුලේ පිරිස සමග මෙම සිදුවීම පිළිබඳ අදහස් හුවමාරු කර ගැනීමට ද රනිල් වික්‍රමසිංහ මහතා අමතක කළේ නැහැ.
-
Blogger Comment
-
Facebook Comment
Subscribe to:
Post Comments
(
Atom
)
0 comments :
Post a Comment