ප්‍ර‍බල ඇමතිවරු දෙදෙනෙකුගේ ඇමතිකම් වෙනස් වෙයි..! නවක ඇමතිවරයෙකුත් එයි..!

වත්මන් ආණ්ඩුවේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරනු ලබන ප්‍ර‍බල ඇමතිවරු දෙදෙනෙකුගේ අමාත්‍යධූර නොදුරේදීම වෙනස්වනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසනවා.

මෙසේ වෙනස්වනු ඇතැයි අපේක්ෂා කරන්නේ විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ සහ වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ඇමතිධූරයන්ය. ඔවුන්ට වෙනත් විෂයන් පැවරෙනු ඇතිබවයි පැවසෙන්නේ.

නියෝජ්‍ය කතානායක තිලංග සුමතිපාල මහතාටද කැබිනට් ඇමතිධූරයක් හිමිවනු ඇතැයි දේශපාලන ආරංචිමාර්ග පවසනවා.
Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment