රජයේ ප්‍රවෘත්ති දෙපාර්මේන්තුවේ නව ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ආචාර්ය රංග කලංසූරිය මහතා අද (06) වැඩ භාර ගත්තේය.
නව ධූරයේ වැඩ භාර ගනිමින් ඒ මහතා සඳහන් කළේ මාධ්‍ය නිදහස නැති තැන ප්‍රජාතන්ත්‍රවාදය සම්පූර්ණ නොවන බවත් හොඳ රටක් හොඳ මාධ්‍යයක් සෑදීමට වගකීමෙන්, උපරීම ශක්තියෙන් කටයුතු කරන බවත්ය.
මෙම වකවානුවේ සිදු වන ප්‍රජාතන්ත්‍රවාදී වෙනස සම්පූර්ණවීමට නව මාධ්‍ය ප්‍රතිසංස්කරණක් අවශ්‍ය බව හෙතෙම වැඩිදුරටත් පැවසී ය.
ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කළ ආචාර්ය රංග කලංසූරිය මහතා ඩෙන්මාර්කය මුලස්ථානය කරගත් ආසියා පැසිෆික් ජාත්‍යන්තර මාධ්‍ය පුහුණු ආයතනයේ කලාපීය උපදේශකවරයා වශයෙන්ද කටයුතු කළේය.
මලයාසියාව, පකිස්තානය ඇතුළු ආසියා පැසිෆික් රටවල මාධ්‍යවේදීන් පුහුණු කරන උපදේශකවරයෙක් ලෙසද කලංසූරිය මසතා කටයුතු කරයි.
0 comments :
Post a Comment