අවිස්සාවේල්ලට රත්නපුරට යන විකල්ප මාර්ග මෙන්න

අවිස්සාවේල්ලට රත්නපුරට යන විකල්ප මාර්ග මෙන්න

අවිස්සාවේල්ල - කොළඹ ප්‍රධාන මාර්ගය මේ වනවිටත් කළුඅග්ගල මංසන්දියේ සිට  වසා දමා ඇති අතර සියලුම රථ වාහන ධාවනය නතර කර තිබේ.

මේ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

ඒ අනුව කොළඹ සිට අවිස්සාවේල්ලට ගමන්ගන්නා වාහන හංවැල්ල නගරයෙන් පූගොඩ මාර්ගයේ ගොස් කනම්පැල්ල ඔස්සේ අවිස්සාවේල්ලට ළඟාවිය හැකිය.

අවිස්සාවේල්ල සිට කොළඹට ගමන්ගන්නා රථවාහන අවිස්සාවේල්ල සිට තල්දූව මංසන්දියෙන් පැමිණ ඌරාපොල ඔස්සේ හංවැල්ල හරහා කොළඹට ළඟාවිය හැකිය.

තවත් අතිරේක මාර්ගයක් ලෙස රත්නපුරට ගමන්ගන්නා වාහන සඳහා හෝමාගම, ගොඩගම, පාදුක්ක, ඉංගිරිය හරහා රත්නපුර මාර්ගය ඔස්සේ ගමන් කළ හැකිය.

මීට අමතරව කොස්ගම හා සාලාව අවට ඇති විකල්ප මාර්ග භාවිතා නොකරන ලෙසට ද පොලීසිය මහජනතාවගෙන් ඉල්ලා සිටී.

එම නිවේදනය පහතින්.

Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment