පන්නල වෙඩි කෑවේ කොල්ලන් සිය ගණනකගේ කකුල් කැඩූ ලොකූ- වෙඩි තිබ්බේ කකුලක් කැඩුණු කොල්ලෙක්! (PHOTOS)

පන්නල වැටකයාව බස් නැවතුම්පොළේ දී කරන ලද  වෙඩි තැබීමකින් පසුගිය මස 29වන දා ඝාතනයට ලක්වූ පුද්ගලයා පිළිබඳව තොරතුරු රැසක් හෙළිවී තිබෙනවා.

යතුරු පැදියකින් පැමිණ කරන ලද මෙම වෙඩි තැබීමෙන් බස් නැවතුම්පොළේ සිටි  කාන්තාවක් ද මරණයට පත්වුණා. ඩී.එම්. අනුර රුවන් කුමාර නම් වන එහිදී මිය ගිය පුද්ගලයාට වෙඩි තබන ලද පුද්ගලයාගේ බිරිඳව ද මියගිය රුවන් හෙවත් ලොකූ නැමැත්තා මීට පෙර පැහැරගෙන ගොස් තිබෙනවා.

එමෙන්ම මාකඳුර තැපැල් ස්ථානය කැඩීම සහ සමුපකාරයේ මුදල් ලක්ෂ 27ක් ගිනි අවි පෙන්වා මංකොල්ල කෑම සම්බන්ධයෙන් ද මියගිය පුද්ගලයාට චෝදනා එල්ල වී තිබෙනවා. මත්ද්‍රව්‍ය බෙදාහැරීම ,බූරු පොළ පවත්වාගෙන යාම,කුකුළන් කෙටවීම යන නීති විරෝධී ක්‍රියා මගින් මුදල් උපයා ඇති ඔහු වෙඩි තබන ලද පුද්ගලයාගේ කකුල් දෙකද මීට පෙර කඩා තිබෙන බව පරීක්ෂණවල දී හෙළිවී තිබෙනවා.
 

වැලි මැටි ව්‍යාපාරයේ යෙදෙන පුද්ගලයන්ගෙන් කප්පම් ගෙන ඇති මෙම  ලොකූ නැමැත්තා තරුණයන් සියයකගේ පමණ කකුල් කඩා දමා ඇති බවයි ප්‍රදේශවාසීන් පවසන්නේ. මේ පුද්ගලයාගේ මරණය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.



Share on Google Plus

About Ceylon News 24x7

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment