'සිංහලේ' මහනුවර විරෝධතාවක (PHOTOS)

'සිංහලේ' මහනුවර විරෝධතාවක (PHOTOS)

මහනුවර නගරයේ  පල්ලිය පාර මුළුමනින්ම අවහිර කරමින් ගිහි, පැවිදි විශාල පිරිසක් ඊයේ (05) පැය 5ක පමණ කාලයක් විරෝධතා ව්‍යාපාරයක නිරත වී තිබේ.

ඒ මහනුවර නගරයේ මුස්ලිම් පල්ලියක කුළුණක් දළදා මාලිගාවේ රන් වියනට හා පත්තිරුප්පුවට වඩා උසින් ඉදි කිරීමේ සූදානමක් ඇති බව පවසමින් හා එම ඉදිකිරීමට විරෝධය දක්වමිනි.

මෙම විරෝධතා ව්‍යාපාරය සංවිධානය කළ සිංහලේ ජාතික බලමුළුවේ සංවිධායක පූජ්‍ය අරඹේපොල රතනසාර හිමි සඳහන්කළේ මෙම දේවස්ථානයේ අනවසරයෙන් ඉදි කෙරෙන කුළුණ දළදා මාලිගාවේ ඉහළම ගොඩනැගිල්ලට ද වඩා අඩි කිහිපයක් ඉහළින් ඉදි කිරීමට සැලසුම් කර ඇති බැවින් එය ලෝක උරුම නගර සංස්කෘතියකට පටහැනි බවත් මෙය ඉදි කිරීම කිසිසේත්ම උචිත නොවන බවත් ය.

අදාළ පිරිස පා ගමනින් අදාළ පල්ලිය ඉදිරියට ගොස් එම මාර්ගය හරස් කොට බිම හිඳගනමින් අඛණ්ඩ විරෝධතාවයේ නියැලී ඇති අතර පොලිස් නිළධාරීන්ගේ මැදිහත්වීම ද නොතකා කටයුතු කොට තිබේ.

ඊයේ දිනය පුරා පැවති මෙම උද්ඝෝෂණය හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ද හටගෙන ඇත.

එදින පස්වරු 02.00ට පමණ මහනුවර නාගරික කොමසාරිස් චන්දන තෙන්නකෝන් මහතා විසින් මහනුවර නගරයේ ඇති සියලුම අනවසර ඉදිකිරීම් සපුරා තහනම් කළ බව සඳහන් කළ ලිඛිත දැනුම් දීමක් විරෝධතාකරුවන් වෙත ලබාදුන් පසු ඉන් සෑහීමකට පත්වූ විරෝධතාකරුවන් පිරිස විසර ගොස් තිබේ.

ඡායාරූප පහතින්.

මහනුවර - කමල් සුරවීර

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment