මාව එලවන්න කාටවත් බෑ

කවුරුන් මොනවා කිවත් යහපාලන ආණ්ඩුව පවතිනතුරු මුදල් අමාත්‍යධුරය දරන්නේ තමන් විසින් පමණක් බවත් එය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහතික කොට ඇති බව මුදල් අමාත්‍ය රවී කරැනාණායක මහතා අප විශේෂ වාර්තාකරු සමග පවසා තිබේ.

එක්සත් ජාතික පක්ෂයේ රවී විරෝධි හිගන සජිත් ප්‍රේමදාස සහ සජිත් කල්ලිය තමන් ඇමති තනතුරෙන් ඉවත් කිරිම සදහා ජනාධිපතිවරයාට සහ අගමැතිවරයාට දිනපතා කේලාම් කියමින් සිටින බවත් කේලාම් කාරයන්ට දවසක සිද්ධ වෙන දේ ඔහුන්ට හිතා ගන්න බැරි වන බවද අමාත්‍යවරයා පවසා තිබේ.

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් මොනතරම් දැගලුවත් ජාතික ආණ්ඩුව නියෝජනය කරන එකදු අමාත්‍යවරයෙකුටවත් තමන්ට එරෙහිව අත එසවිමට හැකියාව නැති බවත් පුලුවන්නම් ශ්‍රිලනිපයේ එක අමාත්‍යවරයෙකු හෝ තමාට එරෙහිව අත ඔසවා පෙන්වන ලෙසට ඔහු අභියෝගයක්ද කර තිබේ.

මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ගොනු කරනු ලැබූ විශ්වාස භංග යෝජනාව ලබන අට වැනිදා (08) පාර්ලිමේන්තුව හමුවේ ඉදිරිපත් කිරිමට නියමිතව තිබේ.

මේ අතර කම්බ හොරෙකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටින මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සේවා කාලය තවදුරටත් දීර්ඝ කිරීම වෙනුවෙන් ආණ්ඩුව පොදු එකඟතාවකට පැමිණ තිබේ.ඒ අනුව එළඹෙන ජුනි මාසයේ අග පටන් අවසන් වීමට තිබූ අර්ජුන් මහේන්ද්‍රන් මහතාගේ සේවා කාලය තවත් වසරක කාලයකට දීර්ඝ වනු ඇති බව ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment