පූගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ හිටපු ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා රුපියල් ලක්ෂයක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 20 බැගින්වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට පූගොඩ මහේස්ත්‍රාත් බී.ඒ.රුවන්පතිරණ මහතා අද(6) නියෝග කළේය.
සෑම මසකම අවසන් ඉරුදින පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ පෙනී සිටින ලෙස ද ඔහුට නියෝග කර තිබේ.
දොම්පේ මාපිටිගම අක්කර 16ක ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් වංචාවක් සිදුවී යැයි සැකපිට හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් බැසිල් රාජපක්ෂ මහතා පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළේය.
0 comments :
Post a Comment