මහින්දටත් විශ්වාසභංගයක්? (VIDEO)

මහින්දටත් විශ්වාසභංගයක්? (VIDEO)

රටේ පවතින මූල්‍ය අර්බුධයෙන් ගොඩඒමට වර්තමාන ආණ්ඩුවට යම් කාලයක් අවශ්‍යය බවත් එම අර්බුධයට වගකිවයුත්තේ මෛත්‍රී - රනිල් පාලනය නොව හිටපු මුදල් ඇමතිවරයාත්, හිටපු රාජ්‍ය නායකයාත් බව මහනගර හා බස්නාහිර පළාත් සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.

ඒ අනුව හිටපු මුදල් ඇමතිවරයාත් හිටපු රාජ්‍ය නායකයාත් හිටපු ආණ්ඩුවත්  විශ්වාසභංගයකට ගෙන යා යුතු බවට අමාත්‍යවරයා කියාසිටී.

රට ආර්ථික අංශයෙන් ඉදිරියට ගෙනඒමට වැඩපිළිවෙලක් අවශ්‍යය බව ප්‍රකාශකළ අමාත්‍යවරයා මෙම මස 20වන දින එම වැඩපිළිවෙල ජනතාව වෙත ඉදිරිපත් කරන බව පැවසීය.

ඒ ඔස්සේ ආණ්ඩුවේ ආදායම් වැඩිකරගන්නේ කෙසේද, වියදම් අවම කරගන්නේ කෙසේද, මුල්‍ය කළමණාකාරීත්වයක් ඇතිකර ගන්නේ කෙසේද යන්න පිළිබඳව ජනතාව දැනුවත් කරන බවත් එය කඩිනමින් ක්‍රියාවට නංවන බවත් අමාත්‍යවරයා කියාසිටියේ ය.

වැඩිදුරටත් අදහස් දක්වූ ඒ මහතා ,” පෙළපාලි ගියා කියලා බඩු මිල අඩුවෙන්නේ නෑ. උද්ඝෝෂණය කළා කියලා බඩු මිල අඩුවෙන්නේ නෑ. විවේචනය කළා කියලා බඩු මිල අඩුවෙන්නේ නෑ. ටීවී එකෙන් රස කතා කිව්වට බඩු මිල අඩුවෙන්නේ නෑ. පසුගිය රාජපක්ෂ පාලනයට වැඳවැටුණා කියලා බඩු මිල අඩුවෙන්නේ නෑ.” යි පැවසීය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment