යුධ ගැටුම් හේතුවෙන් ඉන්දියාවට පළාගොස් එරට සරණාගත කඳවුරුවල රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද (13) දිවයිනට පැමිණියේය.
ඒ, නැවත පදිංචි කිරීම් හා හින්දු ආගමික කටයුතු අමාත්‍යාංශයේ සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මැදිහත්වීමෙනි.
පවුල් 35කට අයත් පුද්ගලයින් 90 දෙනෙකු මෙලෙස අවස්ථා දෙකකදී දිවයිනට පැමණියේය.
දිවයිනට පැමිණෙන එක් පුද්ගලයෙකු සඳහා අමෙරිකානු ඩොලර් 75ක් ලබාදීමට සැලසුම් කර ඇති අතර ප්‍රවාහන දීමනා ලෙස අමෙරිකානු ඩොලර් 19ක් ලබාදෙන බව අමාත්‍යාංශය සඳහන් කළේය.
මීට අමතරව එක් පවුලක් සඳහා ආහාර නොවන ද්‍රව්‍ය ලබාගැනීමට අමෙරිකානු ඩොලර් 75ක මුදලක් ලබාදීමට සැලසුම් කර තිබේ.
මෙම සියලු ආධාර එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය මගින් ලබාදීමට නියමිතය.
මෙම සරණාගතයින් ඔවුන් පදිංචිව සිටි මුල්ගම්බිම්වල පදිංචි කරවීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර නිවාස ඉදිකිරීම් සඳහා අමාත්‍යාංශය මගින් ප්‍රතිපාදන ලබාදීමට පියවර ගෙන ඇත.
0 comments :
Post a Comment