විදුලි බල මණ්ඩලයට ඇති දේශපාලන බලපෑම් ගැන සියඹලාපිටිය කියයි

විදුලි බල මණ්ඩලයට ඇති දේශපාලන බලපෑම් ගැන සියඹලාපිටිය කියයි

ලංකා විදුලි බල මණ්ඩලයට අනාගත සැලැස්මක් තිබුණද දේශපාලනඥයින් ගනු ලබන තීරණවලින් ඒවා ක්‍රියාත්මක කිරීමට නොහැකිවී ඇති බව ලංකා විදුලි බල මණ්ඩලයේ හිටපු ප්‍රධාන ඉංජිනේරුවරයා වන ආචාර්ය තිලක් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ TV 1 නාලිකාව මඟින් විකාශය වන 'Face the Nation' වැඩසටහනට සහභාගී වෙමිනි.

එහිදී අදහස් දැක්වූ සියඹලාපිටිය මහතා පැවසුවේ ලංකා විදුලි බල මණ්ඩලයට 20 වසරක ව්‍යාපෘතිමය සැලැස්මක් තිබුනද දේශපාලන තීරණ මැදිහත්වීමෙන් ඒවා ක්‍රියාවට නැංවීමට බාධා ඇතිවන බවයි.

උදාහරණයක් ලෙස සාම්පූර් බලාගාර ව්‍යාපෘතිය පිළිබඳව අදහස් දැක්වූ ඔහු ප්‍රකාශ කළේ එම ව්‍යාපෘතිය 2016 වසරේදී විවෘත කිරීමට තිබූවක් වුවද එය නිසිපරිදි පවත්වාගෙන නොගිය බවයි.

ලංකා විදුලි බල මණ්ඩලය ක්‍රියාත්මක කරන්නාවූ සැලසුම්වලට රජයේ තීරණ බලපෑම් ඇති නොකරන්නේ නම් ඒවා නිසි පරිදි ක්‍රියාත්මක වනු ඇති බව වැඩිදුරටත් අදහස් දැක්වූ සියඹලාපිටිය මහතා කියාසිටියේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment