දකුණු කොරියාවේ දකුණු දිග ප‍්‍රදේශයට බලපෑ රික්ටර් මාපකයේ 5.8 ක භූ චලනය හේතුවෙන් එරට සේවය කරන ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයින්ට මෙතෙක් කිසිඳු හානියක් සිදුව නොමැති බව ශ‍්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කි‍්‍රයාකාරී අධ්‍යක්ෂ මාධ්‍ය ප‍්‍රකාශක නීතීඥ උපුල් දේශපි‍්‍රය මහතා ප‍්‍රකාශ කරයි.
ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දේශප්‍රිය මහතා කියාසිටියේ ප‍්‍රධාන භූ කම්පනයෙන් අනතුරුව සිදුවන පසු කම්පන තත්වයන් පිළිබඳව දළ අවධානයෙන් සිටින බවත් ශ්‍රී ලාංකික ශ‍්‍රමිකයින් පිලිබඳව නිරන්තරව තානාපති කාර්යාලය හරහා තොරතරු විමසන බවත්ය.
එමෙන්ම දකුණු කොරියාවේ සෝල් අගනුවර පිහිටි ශ‍්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් මේ පිළිබඳව විමසූ බවත් ඒ අනුව ලබාගත් වාර්තාවලට අනුව ශි‍්‍ර ලාංකික ශ‍්‍රමිකයින්ට හානියක් සිදුවූ බවට වාර්තා නොවූ බවත් ඔහු සඳහන් කරයි.
දකුණු කොරියාවේ දකුණු දිග ප‍්‍රදේශයේ අග නගරයක් වන ජොන්ජු ප‍්‍රදේශයෙන් පසුකම්පනය වාර්තා වන අතර එම ප‍්‍රදේශයේ ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් 3000 ක් පමණ ද දකුණු කොරියාවේ විවිධ ප‍්‍රදේශ වල ශ‍්‍රී ලාංකිකයන් 26000ක් පමණ ද සේවය කරන බව උපුල් දේශපි‍්‍රය මහතා වැඩිදුරටත් කියාසිටියේය.
මෙය දකුණු කොරියා ඉතිහාසවේ වාර්තා වූ දරුණුතම භූ කම්පනය ලෙසද හැඳන්විය හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
0 comments :
Post a Comment