සාම්පූර් බලාගාරයක් ඉදිකරන්නේ නෑ

සාම්පූර් බලාගාරයක් ඉදිකරන්නේ නෑ

සාම්පූර් ගල්අඟුරු තාප බලාගාරය ස්ථාපිත නොකරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය විසින් තහවුරු කර ඇති බව නීතිපතිවරයා විසින් අද(13) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබේ.

සීමාසහිත පරිසර පදනම සාම්පූර් බලාගාරයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් අද විමසා බැලූ අවස්ථාවේදී එම අමාත්‍යාංශය මේබව අධිකරණයට දැනුම්දී ඇතැයි වාර්තා වේ.

ඒ අනූව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශයේ තීරණය දැනුම්දීමෙන් පසුව මෙම පෙත්සම විභාගය අවසන් කර ඇත.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment