ජනපති පැමිණි හෝමාගම හරිත සරසවි පරිශ්‍රයෙන් උණ්ඩයක් සමග අයෙක් අත්අඩංගුවට

ජනපති පැමිණි හෝමාගම හරිත සරසවි පරිශ්‍රයෙන් උණ්ඩයක් සමග අයෙක් අත්අඩංගුවට

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිරීක්ෂණ චාරිකාවක නිරත වීමට සිටි, හෝමාගම පිටිපන ඉදිකිරීම් සිදු වන NSBM හරිත විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් භාවිත කරන ලද උණ්ඩයක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඔහු එම ගොඩනැගිලි පරිශ්‍රයේ පෑස්සුම්කරුවෙකු ලෙස සේවයට පැමිණි අයෙකු බව ජනාධිපති ආරක්ෂක අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ මහතා පැවසී ය.

ඊයේ දිනය තුළ ඔහු එම ස්ථානයේ සේවයට පැමිණ තිබේ. අදාළ උණ්ඩය භාවිත කරන ලද එකක් වුවද එය සන්තකයේ තබා ගත්තේ ඇයි ද යන්න පිළිබඳව පරීක්ෂණ පැවැත්වීම සඳහා ඔහු හෝමාගම පොලීසියට භාර දුන් බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

හෝමාගම පොලීසියේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක ය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment