ලොව වේගයෙන්ම වර්ධනය වන නගර අතර කොළඹට සිව් තැන

ලොව වේගයෙන්ම වර්ධනය වන නගර අතර කොළඹට සිව් තැන

කොළඹ නගරය විදෙස් සංචාරකයින් වෙනුවෙන් වේගයෙන්ම වර්ධනය වන සිව් වන නගරය බවට පත්ව ඇති බව 2016 මාස්ටර් කාඩ් ගෝලීය ගමනාන්ත නගර දර්ශකය සඳහන් කරයි.

ජනප්‍රිය නගර 132ක් මුල් කර ගනිමින් මෙම  ගමනාන්ත නගර දර්ශකය සකස් කර තිබේ. එහි සිව් වන ස්ථානය කොළඹ නගරයට හිමිව ඇති අතර මේ වසරේ විදේශකයින් පැමිණිම සියයට 19.57 කින් වර්ධනය වී ඇති බව ද එම වාර්තාව සඳහන් කරයි.

මෙහි නවතම වාර්තාව පසුගිය 22 වනදා නිකුත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙම වාර්තාවට අනුව මෙහි පළමු ස්ථානය ඔසාකා නගරයට හිමිව ඇති අතර එය සියයට 24.15ක් වෙයි. දෙවන ස්ථානය ෂෙන්ග්ඩු නුවර හිමිව ඇති අතර එහි විදේශකයින් පැමිණීමේ ප්‍රතිශතය සියයට 20.14කි.

තෙවන ස්ථානය අබුඩාබි නුවරට හිමිව ඇති අතර එහි විදේශකයින් පැමිණීමේ ප්‍රතිශතය සියයට 19.81ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

විදේශකයින් පැමිණීමේ නගර අතර නගර 07ක් ම ආසියාවේ පිහිටා තිබීම විශේෂත්වයකි.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget
Shares
FacebookXPinterestEmailSumoMe