පොලිස්පතිගේ ආණමඩුවේ ගෝලයෝ නීතිය නමා අධිකරණය නොමග යැවීමට සියල්ල සූදානම් කරයි

පසුගිය ඉරිදා (2016 09 15) දින ආණමඩුව – බංගදෙනිය හලාවත පාරේ රඹාවැව පලුගස්වැව ප්‍රදේශයේ දී රිය අනතුරක් සිදු වු අතර එයින් එක්‍ අයෙකු මිය ගිය අතර එක් අයෙකු බරපතල ලෙස තුවාල ලැබීය. ගැටලුව වන්නේ මෙම අනතුර සිදු කළ වෑන් රථය පදවාගෙන ආ ආණමඩුව පොලිස් ස්ථානයේ පොලිස් සැරයන් වරයෙකු බීමතින් රිය පදවා (පෞද්ගලික ගමනක් ඔහුගේ වෑන් රථයෙන්‍ යන විට) එක් අයෙකුට මරැ කැඳවා තවත් අයෙකුටතුවාල සිදු කර යහතින් ඇප ලබා දැනටත් සේවයේ නිරතව පරීක්ෂණ වෙනතකට යොමු කර ඔහුගේ වරද වෙනත් පාර්ශවයකට පවරා නිදොස් වීමය. වෙනත් විදිහකට කියතොත් පොලිස් බලය යොදා ගොරකා දඩමස් බවට පත් කිරීමය.

සිද්ධිය සැකෙවින් මෙසේය….

හලාවත දෙස සිට බට්ටා වර්ගයේ ලොරි රථයක් පැමිණෙමින් තිබුනේ කිසිදු මාර්ග නීතියක් උල්ලංගනය නොකරමිනි. ඒ දෙසටම ඊට පිටුපසින් පොලිස් කාරයාගේ වෑන් රථය පැමිණි අතර එය බට්ටා ලොරි රථය ඉස්සර කිරීමට උත්සාහ දරා තිබුනි. ඉස්සර කිරීමට පෙර (බට්ටා ලොරි රථය හා වෑන් රථය සමාන්තරව එක කෙලින් ඇති විට) ආණමඩුව දෙස සිට හලාවත දෙසට යතුරැ පැදි කරැවෙක් පැමිණි අතර ඔහු වෑන් රථයේ ගැටුනි.

යතුරැ පැදිය නිවැරදි දිශාවෙන් පැමිනි අතර එය වෑන් රථයේ දකුණු පැත්තේ ගැටී ඇත. යතුරැපැදි කරැ වෑන් රථයේ දකුනු පැත්තේ ඇති කවුලුවක වැදී එතැනම මියගොස් සිටි අතර වෑන් රථයේ දකුණු පස යතුරැ පැදිය ගැටෙනවාත් සමඟම වෑන් රථය පදවාගෙන ආ පොලිස් නිළධාරියා බිමතින් සිටි නිසාත් ඔහුගේ රථය එහුට පාළනය කර ගත නොහැකිව වම් පසට කැපුන නිසාත් ඊට සමානව එක පේළියට ගමන් කරමින් තිබු බට්ටා ලොරි රථයේ ගැටුනි. බට්ටා රථය වම් පසට පෙරලුන අතර පාර අද්දර තිබු වෙලෙහි නතර වුයේ වට තුන හතරක් පෙරළිමෙන් අනතුරැවය. තුවාල ලැබු කාන්තාව එම රථයේ සිටියහ. ඇය පුත්තලම රෝහලේ ප්‍රතිකාර ලබයි. වෑන් රථයටද හානි සිදුවී ඇති අතර යතුරැ පැදිය හැපුන දකුණු පස එම සලකුණුද බට්ටා හැපුන වම් පස එම සලකුනුද පැහැදිලිව ඇත. පොලිස් නිළධාරියා පැදවු වෑන් රථයේ ඉදිරි පස හා පිටුපස කිසිදු හානියක්‍ සිදු වී නැත. ඔහු පෞද්ගලික ගමනක් ගොස් සිට එන අතර තුර බීමතින් ගමන් කර තිබුනි.

බැලු බැලු සියලු දෙනා පොලිස් නිළධාරියාගේ වරද බව දැන පහර දීමට උත්සාහ දරා ඇති අතර පොළිස් කාරයෙකු බව දැන ගැනීමෙන් එය වැළකී ඇත. බට්ටා ලොරි රථය පෙරලුන ස්ථානයට අඩි 20 ක් පිටුපසින් වෑන් රථය පෙරළි තිබුනි. වරද වෑන් රථය අනාරක්ෂිත ලෙස ඉස්සර කිරීම බව ඉතා පැහැදිලිව තිබියදීත් එතැනම මරණයක් සිදුවී තිබියදීත් පොලිස් නිළධාරියා දින 14 ක් රක්ෂිත බන්ධනාගාර ගත කළ යුතු වුවද පසුදිනම ඔහුට ඇප ලබාදුන් පොළිසීය දැන් ගොතා ඇති කතාව පහත පරිදි වේ.

අනතුරේ සම්පුර්ණ වරද යතුරැපැදි කරැගේය. පොළිස් නිළධාරියා අත කිසිදු වරදක් නැත. ඔහු ඉතා ආරක්ෂා කාරී ලෙස බට්ටා ලොරි රථයට ඉස්සර කර ඇත. ඉස්සර කර අවසන් වූ පසු යතුරැ පැදි කරැ වෑන් රථයේ ගැටී ඇත. එවිට වෑන් රථයේ ආ පොලිස් කාරයා පැදවු වෑන්‍ රථය තිරිංග තද කර ඇත. එවිට බට්ටා ලොරි රථය පිටුපසින් පැමිණ වෑන් රථයේ හැපී ඇත. එවිට රථ දෙකම වෙල් යායට පෙරළි ඇත. යකුරැ පැදිය දකුනු පසට විසි වී ඇති අතර යකුරැපැදි කරැ මියගොස් ඇත.

ඒ කතාව ඇත්ත නම් , වෑන් රථය බට්ටා රථය පසුකර තිබුනේ නම් හා බට්ටා රථය පිටුපසින් පැමිණ වෑන් රථයේ හැපුනේ නම්,

1. වෑන්‍ රථයේ පිටුපසට හා බට්ටා ලොරියේ ඉදිරිපසට හානි සිදු විය යුතුය.

2. වෑන් රථයඉදිරියෙන්ද ලොරි රථය පිටු පසින්ද පෙරළී තිබිය යුතුය.

3. වෑන් රථයේ වම් පස හා දකුණු පස හානි නොවී ඉදිරි පස යතුරැ පැදිය හැපුන සලකුන හා පසුපස බට්ටා ලොරි රථය හැපුන සලකුණු තිබිය යුතුය.

4. එම කිසිදු සලකුණක් නැති මුත් ඇත්තටම අනතුර සිදු වූ ආකාරයට දකුනු පස යතුරැ පැදිය හැපුන සලකුණු හා වම් පස බට්ටා හැපුන සලකුණු මැකිය නොහැකි ලෙස හෙනගැහුවා වගේ සටහන් වී ඇත.

වෑන් රථය පෙරළී තිබුනේ ලොරියට අඩි 20 ක් පිටුපසිනි.

මේ සියලු කරැණු මේ ලෙස තිබියදි දැන් යතුරැ පැදිකරැ වරදකරැ කර බට්ටා ලොරි රථයේ රියදුරැ ට බලපෑම් කර ඔහුගේ මව රෝහල් ගත කර සිටියදි ඇය බැලීමට වත් නොදී බලපෑම් කරවෑන්‍ රථය පැදවු පොළිස් කාරයා නිදහස් කිරීමේ මොහයුම ආරම්බ කර ඇත. ඒ පමණක් නොව ඔහුටඇප දී ඇති අතර රාජකාරියටද පැමිණ පරීක්ෂන කටයුතු වලට බාදා කරමින් සිටියි .

අනතුර වු සැනින් පොලිස් ස්ථානාධිපති වරයා, දෙවන ස්ථානාධිපති වරයා හා සහකාර පොළිස් අධිකාර. වරයා ඇතුලුව රථවාහන පොළිසියේ පමණක් නොව පොළිස් ස්තානයේ නිළධාරීන් 40 ක් පමන අසාමාන්‍ය ආකාරයට පැමිණ සාක්ෂි වෙනස් කිරීමේ පිඹුරැපත් සකසා ඇත.

පෞද්ගලික ගමනක් ගිය පොලිස් නිළධාරියා වරෙන්තු කරැවන් දෙදෙනෙකු අල්ලා ගැනීමට රාජකාරීගමනක් ගිය අයෙකු මෙන් ව්‍යාජ කතාවක් ගොතා ඇත.

මියගිය යතුරැපැදි කරැගේ දරැවන් 4 දෙනා සහ බිරිඳ සාධාරණය ඉටු වන තුරැ බලා සිටියි.

අසාධාරණයක් සිදුවුවහොත් පොළිස් ස්ථානයට ගල් ගැසීමට ගමේ තරැණ කොටස් සූදානමින් සිටියි.

විශාල මහජන කැළඹීමක් අත ලඟ තිබියදී පූජිත් ජයසුන්දරගේ ආණමඩුව ගෝල බාලයෝ නීතිය නමමින් සිටියි.

සියලු පාර්ශව මැදිහත් වී මෙම තත්ත්වය නිවැරදි නොකළ හොත් ඇතිවන විනාශයට ඒ සියලු දෙනාත් තවත් අහින්සක මිනිසුන්‍ කිහිප දෙනෙකුත් ජීවිත වලින් හා දේපළ වලින් වන්දි ගෙවනු ඇත.

පොලිස්පති තුමනි; මේ ඔබේ අවධානය පිණිසයි.



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment