තම දරුවන් පාසල්වලට ඇතුළත් කිරීමේදී තමන්ට සිදුව ඇති අපහසුතාවලට විරෝධය පළ කරමින් මාතර, කුරුණෑගල සහ මහනුවර යන දිස්ත්‍රික්කවල රජයේ වෛද්‍යවරුන් අද (15) දිනයේ සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර තිබේ.
ඊයේ (14) තම දරුවන්ට ජනප්‍රිය පාසල් ඉල්ලා රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය අධ්‍යාපන අමාත්‍යංශය වෙත පැමිණ අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් සාකච්ඡාවක් ඉල්ලා සිටි අතර ඔවුන් මේ වනවිටත් ඉසුරුපාය පරිශ්‍රයේ රැඳී සිටී.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවීන්ද සොයිසා මහතා ප්‍රකාශ කළේ පාසල්වලට ළමුන් ඇතුළත් කරගැනීමේදී වෛද්‍යවරුන් මුහුණ දී සිටින ගැටළුවලට විරෝධය පළ කරමින් මෙම වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බවයි.
ඒ අනුව කුරුණෑගල, මහනුවර සහ මාතර දිස්ත්‍රික්කවල රජයේ රෝහල්වල අද පෙරවරු 08.00 සිට දහවල් 12.00 දක්වා පැය 04ක සංකේත වැඩවර්ජනයක නියැලීමට රජයේ වෛද්‍යවරුන් තීරණය කර තිබේ.
ඊයේ දිනයේ සිට මේ වනතෙක් වෛද්‍යවරුන් 200ක් පමණ අධ්‍යාපන අමාත්‍යංශය තුළ රැඳී සිටියි.
0 comments :
Post a Comment