දක්ෂිණ අධිවේගී මාර්ගයේ පෞද්ගලික බස් රථ සදහා වන ගමන් බලපත්‍ර 76 කට අදාළව කැඳවා තිබූ ටෙන්ඩර් පත් ශ්‍රේෂ්ඨාධිකරණ අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් විවෘත නොකිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව ඊයේ (14) පියවර ගත් අතර ඒ හේතුවෙන් එම පරිශ්‍රයේ උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කියාසිටියේ,"ටෙන්ඩර් එක ක්‍රියාත්මක කරන්න තිබුණේ අගෝස්තු මාසේ 31 වැනිදා. අගෝස්තු මාසේ උසාවි නිවාඩු. ඒක බලලා තමයි සති දෙකක් කල් දැම්මේ. කල් දැම්මේ මොකද ජවාරම්කාරයින්ට බලපත්‍ර තියෙන උනන්දුවට. මේක හිතාමතාම කරපු දූෂිත වංචාවක්. ඒක නිසා අපි මේ සම්බන්ධව පොලිසියටත් මූල්‍ය අපරාධ කොට්ඨාසයටත් යනවා. ඇමතිවරයාටත් සභාපතිවරයාටත් විරුද්ධව. " යනුවෙනි.
වීඩියෝව පහතින්.
0 comments :
Post a Comment