කලාකරුවන්ට විශ්‍රාම වැටුප් ලබාදෙන ක්‍රමයට අයදුම්පත් කැඳවේ


ශ්‍රී ලාංකේය කලා ක්ෂේත්‍රය උදෙසා තම දායකත්වය ලබා දෙන කලාකරුවන්ට වෘත්තීමය පිළිගැනීමක්
හා සමාජ සුරක්ෂිතතාවයක් ඇතිකිරීම වෙනුවෙන් විශ්‍රාම වැටුප් ක්‍රමයක් අරඹන බව සංස්කෘතික කටයුතු
දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වසර 5ක් තුළ කලාවට සක්‍රීය දායකත්වයක්


සිදුකර තිබීම, 2016.11.15 දිනට වයස අවුරුදු 23 ත් 55 ත් අතර අයෙකු වීම, හා රාජ්‍ය අංශයේ
හෝ පෞද්ගලික අංශයේ කිසිදු විශ්‍රාම වැටුපකට හිමිකම් නොකියන කලාකරුවෙකු වීම සුදුසුකම් වෙයි.
මෙම යෝජනා ක්‍රමය යටතේ තෝරාගනු ලබන එක් කලාකරුවකු සඳහා රජයේ දායකත්වය වශයෙන් රුපියල්
50,000ක මුදලක් මූලික තැන්පතුව ලෙස හිමිවන අතර එය දායකයාගේ ප්‍රථම විශ්‍රාම වැටුප් වාරිකය
සමඟ නැවත ලබාගත හැකිවේ.
කලාකරුවාට වයස අවු: 60 සම්පූර්ණ වු පසු තමා ගෙවු වාරික මුදලට සරිලන විශ්‍රාම වැටුපක් සමාජ
ආරක්ෂණ මණ්ඩලය වෙතින් ලබාගත හැකිය.
අයදුම්පත් සඳහා අවසන් දිනය නොවැ.15 වේ.
වැඩි විස්තර 0112 882 592 දුරකථනයෙන් හෝ http://ift.tt/2dHtVId වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි වේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment