හරක් මඩුවක් දැම්මත් සී.එස්.එන් විකුණා දැමීමේ අදහසක් නෑ

හරක් මඩුවක් දැම්මත් සී.එස්.එන් විකුණා දැමීමේ අදහසක් නෑ

සී.එස්.එන්. නාළිකාවේ විකාශන බලපත්‍රය අවලංගු කළ ලිපිය ලැබුණු සැණින් තමන් විකාශන කටයුතු අත්හිටවූ බවත් සී.එස්.එන්. නාළිකාව පවත්වාගෙන ගිය ස්ථානයේ හරක් මඩුවක් දැම්මත් විකුණා දැමීමට අදහසක් නොමැති බවත් එහි අධ්‍යක්ෂක නාළිකා ප්‍රධානී රොහාන් වැලිවිට මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (25) සී.එස්.එන් ආයතනය තුළ පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය. 

එමෙන්ම විකාශය අත්හිටුවීමේ බලය පවතින්නේ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට බවත් කොමිෂන් සභාව මේ සම්බන්ධයෙන් කිසිවක් නොදන්නා බවත් එම නිසා ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා පරිපාලන නීති රාමුව තුළ බලය අතික්‍රමණය කර ඇති බවත් වැලිවිට මහතා පෙන්වා දුන්නේය.

කෙසේ වෙතත් සී.එස්.එන් නාළිකාව කිසිදු අයුරකින් බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කර නොමැති බවත් 2011 වසරේ සිට 2015 වසර දක්වා ආදායම් බදු පමණක් රුපියල් මිලියන 330කට වඩා ගෙවා ඇති බවත් එහි පාලනාධිකාරිය සඳහන් කරයි.

එමෙන්ම මේ සම්බන්ධයෙන් නීතියේ පිළිසරණ පතන බවත්, වර්තමාන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සහෝදරයා හා මෙරටට රූපවාහිනිය හඳුන්වා දුන් පුද්ගලයා වන ශාන් වික්‍රමසිංහ මහතාත් මෙම ක්‍රියාකලාපය වැරදි බව පැවසූ බවත් මෙහිදී හෙළිකර සිටියේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment