කෝප් කමිටුව වාර්තාව අතුරුදන් වන ලකුණු!

ආන්දොලනයට තුඩුදුන් ඉහත මහ බැංකු බැඳුම්කර නිකුතුවේදී සිදුවූ බව කියන වංචාව සම්බන්ධයෙන් සොයා බැලෙන පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව වාර්තාව මේ සිකුරාදා වනවිට කෙසේ හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට හැකියාව නොලැබුන හොත් ලබන සතියේ අය-වැය ආරම්භ විමත් සමග කෝප් කමිටුව වාර්තාව ඉදිරිපත් කිරිමට නොහැකි විමේ අවදානමකට මුහුණ දෙන බව දේශපාලන පක්ෂ සාමාජිකයන් අවධාරණය කරනවා.

බැඳුම්කර නිකුත් කිරීමේ සම්පූර්ණ වාර්තාව මෙම සිකුරාදා (28 වැනිදා) වන විට කෙසේ හෝ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට ද කමිටුව එකඟ කර ගැනිමට එජාප හැර අනෙකුත් කණ්ඩායම් කටයුතු කලද උපක්‍රමිකව කෝප් කමිටු සබාපතිවරයා ඉල්ලා අස්විම හරහා නව සභාපතිවරයෙකු පත් කර ගැනිම කල්දැමිම හරහා 28 වැනිදා වන විට වාර්තාව පාර්ලිමේන්තුව හමුවට ගෙන එම් නතර කර දැමිමට අවශ්‍ය පියවර අගමැතිවරයා ප්‍රමුඛ යහපාලන ආණ්ඩුව කටයුතු කරමින් සිටින බවයි අප දේශපාලන වාර්තාකරු සදහන් කළේ.

“අගමැතිතුමන් කිව්ව දෙයයි මම කලේ” යනුවෙන්  අර්පුන් මහේන්ද්‍රන් කෝප් කමිටුවේ කියපු කතාව පාර්ලිමේන්තුවට එලිවිම වලක්වා ගැනිම මෙම මෙහෙයුමේ අරමුණ වි තිබේන අතර  එම මෙහෙයුමේ ප්‍රධානියා ලෙස පත්කල රනිල්ගේ සමිපතම සගයා වු සුජිව සේමසිංහ මේ වනවිට රනිල්වද පාවාදිමකට ලක්කර ඇති බවද අනාවරණය වි තිබේ.

අප දේශපාලන වාර්තාකරු අනාවරණය කළේ රනිල්ගේ ඉත්තා වු  සුජිව සේමසිංහ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ අවශ්‍යතාව මත සිරිසේනගේ න්‍යායාචාරවරයා වන ශිරාල් ලක්තිලක විසින් මෙහෙයවා ඇති බවයි.

 



උපුටා ගැනීම : Lanka News Web Today
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment