වැට් සියයට 15 නැවත දාන්න හැකියි - උසාවිය එකඟයි


පසුගියදා රජය මගින් වැඩි කරන්නට යෙදුණ වැට් බද්ධ සම්බන්ධ සංශෝධිත කෙටුම්පත ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව ශ්‍රේෂ්ඨාධිකරණය දන්වා ඇතැයි නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල පාර්ලිමේන්තුවට අද (25) නිවේදනය කළා.

මෙම පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූල නොවීම

මත පසුගිය කාලයේ ටික දවසකට පමණක් සියයට 15 දක්වා බදු අය කර පසුව පෙර රජය සමයේ පැවති සියයට 11 බද්ද දක්වා අඩු කර තිබුණා.ඒ සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය ඇතුළු කණ්ඩායම් 4 ක් පෙත්සම් හතරක් ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු පනත ඉදිරිපත් කළ ආකාරයේ දෝෂ දක්වමින් තාවකාලිකව එම බද්ධ අහෝසි කර තිබුණි.

ඒ අනුව නැවත නිසි ආකාරයට බද්ධ පනවන නීති රජය ගෙන ආ අතර ඒ සම්බන්ධ තීරණය නීතියේ හැටියට රහස්‍ය වාර්තාවක් ලෙස කථානායකට යොමු කර පාර්ලිමේන්තුවට දැනුම් දීම අද සිදු විය.ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන උදය ගම්මන්පිල, බන්දුල ගුණවර්ධන සහ සිසිර ජයකොඩි මෙන්ම තවත් නීතීඥවරයෙකු විසින් ගොනු කළ පෙත්සම් නිසා බාධා වුවත් නැවත වැට් බද්ධ සියයට 15 කිරීම ඒ අනුව අනුමතවී ඇත.
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment