එක්නැලිගොඩ නඩුව: තවත් 2කට ඇප

එක්නැලිගොඩ නඩුව: තවත් 2කට ඇප

මාධ්‍යවේදී ප්‍රදීප් එක්නැලිගොඩ මහතා අතුරුදන් කළැයි සැකපිට රක්ෂිත බන්ධනාගාරගතව සිටි එම නඩුවේ සිව්වැනි හා පස්වැනි විත්තිකරුවන් වන හමුදා බුද්ධි අංශ නිලධාරීන් දෙදෙනා ඇප මත මුදා හැරීමට අවිස්සාවේල්ල මහාධිකරණ විනිසුරු අමල් තිලකරත්න මහතා අද (8) නියෝග කළේය.

ඒ අනුව වඩුගෙදර විනී ප්‍රියන්ත නිලංජන් උපසේන හෙවත් සුරේෂ් හා කෝප්‍රල් සෙනෙවිරත්න මුදියන්සේලාගේ රවීන්ද්‍ර උපසේන හෙවත් රංජි රුපියල් ලක්ෂ 10ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 30 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරිණි.

මෙම නඩුවට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි අනෙක් සැකකරුවන් ද පසුගිය නඩුවාරවලදී ඇප මත මුදා හරිනු ලැබීය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment