නව වන්නි ආඥාපතිවරයා වැඩ භාර ගනියි (PHOTOS)

නව වන්නි ආඥාපතිවරයා වැඩ භාර ගනියි (PHOTOS)

නව වන්නි ආරක්ෂක සේනා ආඥාපතිවරයා ලෙස මේජර් ජෙනරල් ජේ.ආර් කුලතුංග මහතා ඉතා චාම් අයුරින් ආගමික වතාවත් සිදුකරමින් චාරිත්‍රානුකූලව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේදී ඊයේ (07) තම ධූරයෙහි වැඩබාර ගත්තේය.

1984 මාර්තු 05 වැනිදා කැඩෙට් නිලධාරී පාඨමාලා අංක 19 යටතේ පළමුව පුහුණුව ලබා පසුව 1985 දෙසැම්බර් මස දෙවන ලුතිනන්වරයෙකු වශයෙන් යුද හමුදා පාබළ රෙජිමේන්තුවට එකතු විය.

වන්නි ආඥාපතිවරයා වශයෙන් වැඩබාර ගැනීමට පෙර 552 බලසේනාධිපති, යාපනය නගර සේනා විධායක, 55 වැනි සේනංකාධිපති ,12 වැනි සේනංකාධිපති වශයෙන්ද ඔහු සේවය කළ අතර, වන්නි ආඥාපති වශයෙන් වැඩබාර ගැනීමට පෙර යුද හමුදාවේ ශ්‍රී ලංකා කොතලාවල ආරක්ෂක පීඨයේ උපකුලපති වශයෙන්ද සේවය කර ඇත.

නව වන්නි ආඥාපති තනතුරට අමතරව වත්මන් යුද හමුදා යාන්ත්‍රික පාබළ රෙජිමේන්තුවේ අධිපති වශයෙන්ද මේජර් ජෙනරල් ජේ.ආර්. කුලතුංග මහතා සේවය කර තිබේ.

ඡායාරූප පහතින්.

වන්නි -  රොමේෂ් මධුෂංඛ 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment