පාඨලීට කැබිනට් මණ්ඩලයෙන් වරමක් 

පාඨලීට කැබිනට් මණ්ඩලයෙන් වරමක් 

තම අමාත්‍යාංශයට ගංවතුර පාලනය, කැලිකසල පාලනය කිරිම සදහා වගකීමක් නොමැති වුවද, ඒ සදහා විධිමත් වැඩපිළිවෙළක් සැකසීමට කැබිනට් මණ්ඩලයෙන් වරමක් ලබා දුන් බව මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

ඒ අනුව කොළඹ ප‍්‍රදේශයේ කැලිකසල ගැටළුව විධිමත් කිරීමට පළාත් පාලන අමාත්‍යාංශය, පරිසර අමාත්‍යාංශය, මහානගර සංවර්ධන අමාත්‍යාංශය යන අමාත්‍යාංශයන්හි ලේකම්වරු හා පළාත් සභාවන්වල ලේකම්වරු එක්වී වැඩසටහනක් සැලසුම් කර තිබේ. 

වෙන් කර නොදෙන කසල මහා නගර සභා ප‍්‍රදේශවල බාර නොගැනීමට පළාත් පාලන හා පළාත් සභා අමාත්‍යාංශය ගත් තීරණය ඉතා හොද පියවරක් බවත් දශකයක කාලයක සිට මේ සදහා පියවර ගැනීමට උත්සහා දැරුවත්, සාර්ථක නොවූ බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා පළාත් පාලන ඇමතිවරයා ප‍්‍රතිපත්තිමය වශයෙන් ගත් තිරණය අගය කළ යුතු බවත් කියා සිටියේය.

 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment