විජය නන්දසිරි සමුගෙන මාස 3 යි දේවිකා පුතු සමග වේදිකාවට



 විජය නන්දසිරි සමුගෙන මාස 3 යි
දේවිකා පුතු සමග වේදිකාවට

ජනතාවගේ ආදරයට ලක්වූ කලාකරු විජය නන්දසිරි සමුගෙන අදට (7) මාස 3 කි.
ඒ නිමිත්තෙන් විජයගේ නිවසේ අද ධර්ම දේශනයක් හා හෙට දානමය පින්කමක්ද පැවැත්වේ.
විජය නන්දසිරි සමුගැනීමෙන් පසු  ඕස්ටේ‍්‍රලියාවේ වාසය කළ දියණිය ලංකාවට පැමිණි අතර ඇය තවම එරටට ගොස් නැත. ඇය විජයගේ බිරිය දේවිකාගේ තනිකම මකමින් ලංකාවේ දිගටම රැඳී සිටි අතර විජයගේ පුතු රසාංජනද නිවසේ සිටී.
මේ අතර පසුගියදා දේවිකා මිහිරානි අලූත්ම හෙළිදරව්වක්
කළා. ඇය නැවත වේදිකා නාට්‍ය වලට පිවිසෙන බව සහ පුතු රසාංජන විජය රඟපෑ භූමිකා සඳහා ආදේශ කරන බව එම ආරංචියයි.
ඇය ඒ ගැන මෙසේ කියා ඇත.

‘අපි ඉතාම ඉක්මණින් විජය නැතිවීමෙන් පාළුවුණ වේදිකාවේ පාළුව නැති කරනවා.මේ දවස්වල විජය රඟපෑ වේදිකා නාට්‍ය හතරක් නැවත වේදිකා ගතකරවන පුහුණුවීම් කරනවා. කුස පබාවතී,වෘෂභ රාජ,ශ‍්‍රී ගජබා සහ භාරත රැජිණ කියන නාට්‍ය තමයි ඒවා. මුලින්ම ගේන්නෙ කුස පබාවතී. ඒකේ විජය රඟපෑ ජයම්පතී කුමාරයාගේ චරිතය රඟපාන්නේ අපේ පුතා රසාංජන. එයත් එක්ක පබාවතීට රඟපාන්නෙ මමයි.රොජර්,තිලක් කුමාර ආදීන්ද මේ නාට්‍යයේ රඟපානවා. මං මේක පිටරටවල පෙන්වන්නත් බලාපොරොත්තු වෙනවා.‘




Pix By -Sandun Gamage
Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment