ලංකාවේ ලොකුම පාසල් ශාලාව - මියුසියස් ගින්නෙන් කෝටි 40ක අලාභයක්


කොළඹ මියුසියස් විද්‍යාලයේ ශ්‍රවණාගාරයේ පසුගිය සිකුරාදා ඇතිවූ හදිසි ගින්න නිසා රුපියල් කෝටි 40ක පමණ අලාභයක් සිදුවී ඇති බව තක්සේරු වාර්තාවක් ලැබී ඇත.
1600 කට අසුන් ගතහැකි ලෙස සියලුම නවීන අංගෝපාංග


වලින් සමන්විත ලෙස 2011 වසරේ ඉදිකිරීම් නිම කරන ලද මෙම ශාලාව එවක ජනපති මහින්ද රාජපක්ෂ ගෙන්වන ලද උත්සවයකදී විවෘත කෙරුනේ ලංකාවේ විශාලගම පාසල් ශ්‍රවණාගාරය යනුවෙන්ද හඳුන්වමිනි.
ඒ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය 06දා උදේ රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ එහි ගොස් පරීක්ෂණ ආරම්භ කර ගින්නට හේතුව ගැන පරීක්ෂණ අරඹා තිබේ.
අකුණු සැරයක් නිසා විදුලි බල පද්ධති උපකරණ ආසන්නයේ ගින්නක් පැනනැගී එය පැතිරුණ බවට විශ්වාස කෙරේ.
එම ගින්න මැඬපැවැත්වීම සඳහා කොළඹ ගිනිනිවන සේවා දෙපාර්තමේන්තුවේ ගිනි නිවන රථ 10ක් පමණ යොදවා තිබුණි.
ගින්නට අසුවූ එහි පුටු සහ භාණ්ඩ තොගයක්ම විනාශවී තිබුණි.
අර්ධ රාජ්‍ය ආයතනයක් ලෙස පවත්වා යන මියුසියස් විද්‍යාලය මෙම ගොඩනැගිල්ල ඉදිකළේ පුද්ගලික ධන පරිත්‍යාග සහිත පාසල විසින් රැස්කළ අරමුදල් මගිනි.
එම ශාලාව විවෘත කළ දිනයේ වීඩියෝවක් පහතින්

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment