දකුණු පළාත් සභාවේ කළු පටි විරෝධයක් (PHOTOS)

දකුණු පළාත් සභාවේ කළු පටි විරෝධයක් (PHOTOS)

අද (08) පැවති දකුණු පළාත් සභා රැස්වීමට එම පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පැමිණියේ කළුපටි පැළඳය.

ඒ ඊයේ (07) කොළඹදී විරෝධතා ව්‍යාපාරයක නිරත වූ අබාධිත රණවිරුවන්ට පහරදීමට විරෝධය පළ කරමිනි.

පළාත් සභාවේ ක්‍රීඩා අමාත්‍ය වීරසුමන වීරසිංහ මහතාද කළුපටි පැළද සභාවට පැමිණි අතර ඔහු කියාසිටියේ ඊයේ රණවිරුවන්ට පහරදීම පිළිබඳව තමන්ගේ දැඩි විරෝධය පළකරන බවයි.

මෙහිදී දකුණු පළාත් සභාවේ උප සභාපති සම්පත් අතුකොරල මහතා වරප්‍රසාදය ප්‍රශ්නයක් මතු කරමින් ප්‍රකාශ කළේ මන්ත්‍රිවරු කළුපටි පැළදගෙන සභා ගර්භයට පැමිණෙන විට රාජ්‍ය බුද්ධි අංශයේ නිලධාරියකු ඡායාරුප ගැනීම නිසා මන්ත්‍රිවරුන්ගේ වරප්‍රසාද කඩවී ඇති බවයි.

එහිදී එ් සම්බන්ධව අදහස් දැක්වූ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අශෝක ධනවංශ මහතා එලෙස ඡායාරූප ලබාගත්තේ බුද්ධි අංශ නිලධාරීන් නොවන බව පැවසීමත් සමඟ සභා ගැබේ උණුසුම් තත්ත්වයක් ද ඇතිවිය.

මෙහිදි චම්ලිවිතානාච්චි, අරුණ ගුණරත්න, ආරියවංශ සම්මු, එ.ජි.සි. පියසිරි , යන මන්ත්‍රීවරුන් අශෝක ධනවංශ සිල්වා මහතාගේ කතාවට දැඩි ලෙස විරෝධය පළ කළේය.

ඡායාරූප පහතින්.

ගාල්ල - ලලිත් චාමින්ද 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment