ටිරාන් අලස්ට ඇප

ටිරාන් අලස්ට ඇප

රාඩා සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී ටිරාන් අලස් මහතා ඇප මත මුදාහරින ලෙස අභියාචනාධිකරණය අද (08) නියෝග කළේය.

ඒ, ඔහු රක්ෂිත බන්ධනාගාරගත කරමින් කොළඹ මහාධිකරණය ලබාදුන් නියෝගය අභියෝගයට ලක්කරමින් ගොනුකරන ලද ප‍්‍රතිශෝධන පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

ඒ අනුව ටිරාන් අලස් මහතා වහාම ඇප මත මුදාහැරීමට නියෝග කළ අභියාචනාධිකරණය ලබන 10 වෙනිදා පැවැත්වෙන මීළඟ නඩු දිනයේදී මහාධිකරණයේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.

රාඩා ආයතනයේ රුපියල් මිලියන 200කට ආසන්න මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ඒ මහතා පොදු දේපළ පනත යටතේ අත්අඩංගුවට ගෙන පසුගිදා රක්ෂිත බන්ධනාගාරගත කොට සිටියේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment