මුහුදුබඩ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට

මුහුදුබඩ දුම්රිය මාර්ගය යථා තත්ත්වයට

අද (08) අලුයම මුහුදුබඩ දුම්රිය මාර්ගයේ බලපිටිය ප්‍රදේශයේදී ඉන්ධන ප්‍රවාහන කළ දුම්රියක් පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය ගමනාගමනයට බාධා එල්ලවීමෙන් දුම්රිය මගීහු දහස් ගණනක් පීඩාවට පත්වූ අතර එම මාර්ගයේ දුම්රිය ගමන් ද සීමා කෙරිණි.

ඒ අනුව අලුත්ගම හා බළපිටිය දුම්රිය ස්ථානවලින් දුම්රිය ධාවන කටයුතු සිදු කල ද, අද උදෑසන වන තෙක්ම දුම්රිය කාලසටහන නිසි අයුරින් ක්‍රියාත්මක නොවීම හේතුවෙන් රාජ්‍ය හා පෞද්ගලික අංශයන්හි සේවයට යන මගීන් විශාල පිරිසකට නියමිත වේලාවට සිය රාජකාරි ස්ථානයන්ට යෑමට නොහැකි විය.

කෙසේවෙතත් අද පෙ.ව. 10ට පමණ දුම්රිය ධාවනය යථා තත්ත්වයට පත්කර තිබේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment