පළාත් රාජ්‍ය සේවා ක්‍රමය අතිශය වැදගත් - උතුරු ආණ්ඩුකාර

පළාත් රාජ්‍ය සේවා ක්‍රමය අතිශය වැදගත් - උතුරු ආණ්ඩුකාර

යහපත් රාජ්‍ය සේවයක් සඳහා පළාත් රාජ්‍ය සේවා ක්‍රමය අතිශය වැදගත් කාරණයක් බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා පවසයි.

ආණ්ඩුකාරවරයා මේ බව ප්‍රකාශ කළේ අද (08) යාපනය ශ්‍රීන්ලන්ස් හෝටලයේ පැවති පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවල සභාපතිවරුන්ගේ වාර්ෂික සම්මේලනයේදීය.

එහිදී අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා කියාසිටියේ රාජ්‍ය සේවා කොමිෂන් සභා තුළ වැඩ කටයුතු කිරීමේදී මධ්‍යම රජය තුළින් ලැබෙන උපදෙස් හා නියෝග, චක්‍ර ලේඛ, පළාත තුල ක්‍රියාත්මක කිරීම සඳහාත්, රාජ්‍ය සේවය වඩාත් යහපත් කිරීම සඳහාත්, ඒ සියළු දෑ උසස් මට්ටමින් පවත්වා ගෙන යාමටත් නීති රීති හා රෙගුලාසි පවත්වා ගෙන යාමත් පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවට පැවරී ඇති බවයි.

ඒ අනුව මේ සියලුම දෑ උපයෝගී කරගෙන යහපත් රාජ්‍ය සේවයක් සහ යහපත් සමාජ මෙහෙවරක් කිරීම සියළු දෙනාගේ වගකීම හා යුතුකම බව ආණ්ඩුකාරවරයා අවධාරණය කළේය.

තවද 20 වැනි වරට පවත්වනු ලැබූ මෙම පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවල සභාපතිවරුන්ගේ වාර්ෂික සම්මේලනයට ආණුඩුකාරවරයා උණුසුම් සුභ පැතුම් ද එක්කළේය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment