බඹරු නිසා පාසලක් තාවකාලිකව වසයි (PHOTOS)

බඹරු නිසා පාසලක් තාවකාලිකව වසයි (PHOTOS)

දඹුල්ල වීර මොහාන් ජයමහ විදුහලේ ගොඩනැගිල්ලක බඹර වදයක් බැදීම හේතුවෙන් දරුවන්ගේ ආරක්ෂාව සදහා අද (07) දින විදුහලේ පළමු වසරේ සිට පහ වසර දක්වා සහ හත් වැනි වසර පන්ති වල ඉගෙනුම ලැබූ දරුවන්ට නිවාඩු ලබාදුන් බව විදුහල්පති ඒ.එම්.ඒ.ජී. ජයානන්ද මහතා පැවසීය.

අද (07) උදෑසන පාසලේ එක් ගොඩනැගිල්ලක පිටතින් වහල කොටසක විශාල බඹර කූඩුවක් බැඳ ඇති බව දැක ඇති සිසුන් ඒ පිළිබඳව විදුහල්පතිවරයා දැනුවත් කර ඇත.

කුඩා දරුවන් ඉගෙනගන්නා පන්ති කාමර ආශ්‍රිතව මෙය තිබීම නිසා දරුවන්ට අනතුරක් සිදුවේ යැයි සිතා කළාප කාර්යාලය දැනුවත් කොට පාසලට පැමිණි සිටි දරුවන්ගේ දෙමාපියන් ගෙන්වා එම දරුවන් නිවාඩු දී පිටත්කර යැවීමට විදුහල්පතිවරයා කටයුතු කර තිබේ.

මේ පිළිබඳව සීගිරිය වනජීවී කාර්යාලයට දැනුම්දී ඇති අතර එහි නිලධාරියකු ප්‍රකාශ කළේ පාසල් කාලය අවසන් වූ පසු සතුන් ඉවත් කිරීම ආරම්භ කළ බවයි .

ඡායාරූප පහතින්.

දඹුල්ල - කාංචන කුමාර ආරියදාස 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment