බන්දුල - රවී ජනපති ඉදිරියේ මත ගැටුමක (VIDEO)

බන්දුල - රවී ජනපති ඉදිරියේ මත ගැටුමක (VIDEO)

පසුගිය ආණ්ඩු සමයේදී තමන් රට විනාශ කළැයි කිසිවෙකු කියන්නේ නම් ඊට තමා පමණක් නොව මෛත්‍රීපාල ජනාධිපතිවරයා, මහින්ද සමරසිංහ මහතා, නිමල් සිරිපාල ද සිල්වා අමාත්‍යවරයා ඇතුළු සියල්ලම සාමූහිකව වගකිවයුතු බවත් තමන් ඇතුළු පසුගිය රජය රට විනාශ නොකළ බවත් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (27) කොළඹ පැවති ඒකාබද්ධ විපක්ෂයේ මාධ්‍ය හමුවකදීය.

පාර්ලිමේන්තු බෝජනාගාරයේදී මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සහ බන්දුල ගුණවර්ධන මහතා අතර උණුසුමු සාකච්ඡාවක් ඇතිවූ බව සත්‍යයක්දැයි මෙහිදී මාධ්‍යවේදියෙකු විමසා සිටි අතර එයට පිළිතුරු දෙමින් මන්ත්‍රීවරයා මේ බව කියාසිටියේය.

එහිදී අදහස් දැක්වූ මන්ත්‍රීවරයා," මම පාර්ලිමේන්තුවේදී දිවා භෝජනය ගන්නා අවස්ථාවේ ජනාධිපතිතුමත් භෝජනාගාරයට පැමිණියා. ඉතිං ඒ වෙලාවේ එතුමා මට කතාකළා. මම ජනාධිපතිතුමාට පැහැදිලි කරා, මේක බරපතල ප්‍රශ්නයක්. මේක අපේ ප්‍රශ්නයක් නෙවෙයි රටේ මූල්‍ය ක්‍රමය පිළිබඳ ප්‍රශ්නයක්. මම ටිකක් පැහැදිලි කරගෙන යනකොට කෑම පිඟානකුත් බෙදාගෙන මුදල් ඇමතිවරයා මගේ අල්ලපු පුටුවෙන් වාඩිවුණා. ඉතිං එතුමා කිව්වා මේ බන්දුල කියන්නේ සම්පූර්ණ බොරුවක් කියලා. මහින්ද රාජපක්ෂ, අජිත් නිවාඩ් කබ්රාල් මේ අය එකතු වෙලා මේ රට කාලා ඉවරකරලා නැති කරලා විනාශ කරලා තියෙන එක අපි මේ ගොඩනගන්න තමයි හදන්නේ. ඉතිං මම ඒ වෙලාවේ කිව්වා මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා, මහින්ද සමරසිංහ, නිමල් සිරිපාල ද සිල්වා අපි ඔක්කෝම මිසක් මම තනියෙන් කාලා නම් නෑ. මේ ඔක්කෝම සාමූහිකව වගකියන්න ඕනි රට කෑවා නම්. අපි රට කාලා නෑ කියලා" යනුවෙන් කියාසිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා ප්‍රකාශ කළේ මහ බැංකුවේ ගෙවීම් පියවීම් අංශය පෞද්ගලීකකරණය කිරීම පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය විසින් ජනාධිපතිවරයාට යවා ඇති ලිපිය පිළිබඳ සොයා බලන බව ජනාධිපතිවරයා තමාට පැවසූ බවත් එවැනි දෙයක් නොවන්නේ නම් මේ ගැටලුව පිළිබඳ ජනතාව තුළ ඇති වී තිබෙන මතය නිවැරැදි කිරීමට ප්‍රකාශයක් නිකුත් කරන මෙන් මුදල් අමාත්‍යවරයාට තමා ඉදිරියේදීම නියෝග කළ බවත් ය.

වීඩියෝව පහතින්.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment

get this widget