ලොතරැයි පත් මුද්‍රණයේදී කෝටි 10ක වංචාවක් 

ලොතරැයි පත් මුද්‍රණයේදී කෝටි 10ක වංචාවක් 

ගොවිසෙත, ජාතික සම්පත, වාසනා සම්පත සහ සුපිරි වාසනා සම්පත ලොතරැයිපත් මුද්‍රණය කළ සමාගම විසින් එක ලොතරැයි පතකින් ශත දාසය බැගින් (ශත 16) රජයෙන් රුපියල් කෝටි දහයකට අධික මුදලක්‌ වංචනික ලෙස ලබාගෙන ඇතැයි ජාතික ලොතරැයි මණ්‌ඩලයේ සභාපතිනි ශර්මිලා පෙරේරා මහත්මිය පැවසුවාය.

ජාතික ලොතරැයි මණ්‌ඩලය මගින් සිදු කරන ලද අභ්‍යන්තර විගණන පරීක්‍ෂණයකදී මෙම තොරතුරු අනාවරණය වී තිබේ. 

මහා පරිමාණ වංචා රැසක්‌ ජාතික ලොතරැයි මණ්‌ඩලය තුළ සිදු වී තිබෙන  බව සභාපතිනිය පෙන්වා දුන්නාය. 

කෙසේ වෙතත් එක් ටිකට්‌ පතක්‌ මුද්‍රණය කිරීමට දල වශයෙන් ශත 36 ක්‌ පමණ වැය වේ. නමුත් පසුගිය කාලය පුරාම ටිකට්‌පත් මුද්‍රණය කළ පෞද්ගලික සමාගම එක ටිකට්‌ පතක්‌ මුද්‍රණය කිරීම වෙනුවෙන් ශත 53 ශත 55 අතර මුදලක්‌ ලබාගෙන ඇතැයි හෙළි වී තිබේ.

මේ සමාගම හරහා මෙම මුදල් ගියේ කාගේ සාක්‌කුවට දැයි වහාම සොයා බැලිය යුතු බවත් රජයෙන් වැඩි මුදලක්‌ ලබාගෙන මුද්‍රණය කර ඇති ටිකට්‌ පත්ද නිසි ප්‍රමිතියෙන් තොර බවත් සභාපතිනිය වැඩිදුරටත් පැවසී ය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment