අනුරාධපුර, ඇලයාපත්තුව - හතරේ කණුව ප්‍රදේශයේදී තුන් හැවිරිදි දරුවෙකු බස් රථයකට යටවී මියගොස් තිබේ.
ඊයේ (08) මෙම දරුවා අනතුරට ලක්ව ඇත්තේ අනුරාධපුරයේ සිට මහවිලච්චිය බලා ධාවනය වූ ශ්‍රී ලංගම බසයකට යටවීමෙනි.
මෙම දරුවාගේ මව රැකියා ස්ථානයේ සිට පස්වරු 02.00ට පමණ නිවසට පැමිණ ඇති අතර, ඇය පැමිණි යතුරුපැදිය නිවස ඉදිරිපිට මාර්ගයේ අනෙක් පස නැවැත් වූ අවස්ථාවේදී දරුවා මාර්ගය හරහා ඇය සිටි ස්ථානයට දිවගොස් තිබේ.
ක්ෂණිකව ආපසු හැරුණු දරුවා යළි නිවස දෙසට දිව එද්දී මෙලෙස බස් රථයේ ගැටීඇත්තේ සිය මව ඉදිරිපිටදීය.
අනතුරින් පසු දරුවා ඇලයාපත්තුව රෝහලට ඇතුළත් කර ඇති අතර වෛද්‍යවරුන් ප්‍රකාශ කළේ ඔහු රැගෙන එනවිටත් මියගොස් සිටි බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහු අද (10) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
වීඩියෝව පහතින්.
0 comments :
Post a Comment