වෛද්‍ය සිසුන් වැඩි පිරිසකට‌ මානසික අවපීඩනය 

වෛද්‍ය සිසුන් වැඩි පිරිසකට‌ මානසික අවපීඩනය 

ලොව පුරා වෛද්‍ය සිසුන්ගෙන් 1/4 කට වඩා වැඩි සංඛ්‍යාවක්‌ විශාදය (ඩිප්‍රෙෂන්) නමැති මානසික ආබාධ තත්ත්වයෙන් හෝ මානසික අවපීඩන ලක්‍ෂණවලින් පෙළෙන බව අමෙරිකානු වෛද්‍ය සංගම් සඟරාවෙහි අලුතින්ම පළ කර ඇති අධ්‍යයන වාර්තාවක සඳහන් කර ඇත.

සෑම වෛද්‍ය සිසුන් 10 දෙනකුගෙන් එක්‌ අයකුම සිය දිවි නසා ගැනීමට උත්සාහ දරන බව රටවල් 47ක්‌ මුල් කරගෙන සිදු කළ අධ්‍යයනවලදී අනාවරණය වී ඇත.

මෙම අධ්‍යයනය සඳහා ලොව පුරා රටවල් 47 ක වෛද්‍ය විද්‍යාල සිසුන් එක්‌ ලක්‍ෂ විසි දෙදහස්‌ තුන්සිය පනස්‌ හයදෙනකු (122,356) සහභාගි කර ගෙන පවත්වන ලද අධ්‍යයන 200 කට ආසන්න සංඛ්‍යාවක වාර්තා පාදක කර ගෙන තිබේ.

මෙම අධ්‍යයනය මෙහෙයවූ අමෙරිකා එක්‌සත් ජනපදයේ හාවඩ් වෛද්‍ය විද්‍යාලයෙහි වෛද්‍ය ඩග්ලස්‌ මාතාට අනුව වෛද්‍ය සිසුන් විශාදය රෝග තත්ත්වයට ගොදුරු වීම හා ඒ හේතුවෙන් සියදිවි නසා ගැනීමට පෙලඹීම වසර ගණනාවක සිට දක්‌නට ලැබෙන තත්ත්වයකි. 

තමා වෛද්‍ය සිසුවකු සිටියදී තමාට වඩා වැඩිමහල් වෛද්‍ය සිසුන් දෙදෙනකු සිය දිවි නසා ගැනීමට තැත් කළ අතර එක්‌ අයකු පසුව සියදිවි නසා ගත් බවත් එම තත්ත්වය මෙම අධ්‍යයනය මෙහෙයවීමට හේතු වූ බවත් වෛද්‍ය මාතා සඳහන් කර ඇත.

මෙම අධ්‍යයනයට සහභාගි වූ වෛද්‍ය සිසුන් එක්‌ ලක්‍ෂ විසිදෙදහස්‌ තුන්සිය පනස්‌හය දෙනාගෙන් තිස්‌හත් දහස්‌ නවසිය තිස්‌තුන් දෙනකු එනම් සියයට 26.7 ක්‌ විශාදය රෝග තත්ත්වයට ගොදුරු වී ඇති බව අනාවරණය වී තිබේ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment