ඩිව් ගුණසේකර ඇතුළු පිරිසක් ජනපති හමුවෙයි

ඩිව් ගුණසේකර ඇතුළු පිරිසක් ජනපති හමුවෙයි

ශ‍්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල නියෝජිතයන් පිරිසක් සහ ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර හමුවක් ඊයේ (08) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී පැවැත්විණි.

අද වනවිට රටේ පවතින දේශපාලන වාතාවරණය සහ ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කළ බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

ශ‍්‍රි ලංකා නිදහස් පක්ෂය සහ කොමියුනිස්ට් පක්ෂය අතර පවතින දීර්ඝ කාලීන දේශපාලන සබඳතාවය පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයා එහිදී සිහිපත් කර තිබේ.

මෙම සාකච්ඡාවට කොමියුනිස්ට් පක්ෂ නායක ඩිව් ගුණසේකර, එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් අමාත්‍ය මහින්ද අමරවීර යන මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment