තිස්ස දේශපාලන තීන්දුවක: පිල් මාරුවට ආරාධනා රැසක් 

තිස්ස දේශපාලන තීන්දුවක: පිල් මාරුවට ආරාධනා රැසක් 

එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේකම්, හිටපු අමාත්‍ය තිස්ස අත්තනායක මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තනතුරක් ලබා ගෙන එම පක්ෂයේ සාමාජිකත්වය ලබා ගැනීමට සූදානම් බව වාර්තාවේ.

කෙසේ වෙතත් ඒ පිළිබඳ අදහස් දක්වමින් මහලේකම් තිස්ස අත්තනායක මහතා සඳහන් කළේ ඒ පිළිබඳ රාවයක් පැතිර ගියද එහි කිසිදු සත්‍යතාවක් නොමැති බවයි.

මේ වන විට තමාට විවිධ දේශපාලන පක්ෂ හා සංවිධාන සමඟ එක්වන්නැයි ආරාධනා දිගින් දිගටම ලැබෙමින් පැවැතියද ඒ සම්බන්ධයෙන් තවමත් නිශ්චිත තීරණයක් ගෙන නොමැති බවද හෙතෙම පෙන්වා දුන්නේය.

තමාගේ ජීවිතය බැඳී ඇත්තේ දේශපාලනය සමඟ බැවින් ඉදිරියේදී යම් දේශපාලනමය තීරණයක් ගැනීමේ අවශ්‍යතාවක් පැවැතුණත්, තවමත් එම අවස්ථාව එළැඹී නොමැති බව ඔහු වැඩිදුරටත් පැවසී ය.

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment