ලක්ෂ 75ක හොර සිගරට් අලවතුගොඩදී අත්අඩංගුවට (PHOTOS)

ලක්ෂ 75ක හොර සිගරට් අලවතුගොඩදී අත්අඩංගුවට (PHOTOS)

සුඛෝපභෝගී මොටර් රථයක ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 75කට අධික වටිනාකමින් යුත් නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද සිගරට් තොගයක් අලවතුගොඩ පොලීසිය විසින් අද (09) අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත හෙට්ටිආරච්චි මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් අද අලුයම් කාලයේ අලවතුගොඩ නගරයේ හදිසි රථ වාහන පරීක්ෂාවක් සිදුකර ඇති අතර එහිදී සූක්ෂමව සඟවා තිබූ මෙම සිගරට් තොගය අත්අඩංගුවට ගෙන ඇත.

නීති විරෝධී සිගරට් එක් ලක්ෂ පනස් දහසක් අඩංගු සිගරට් පෙට්ටි 75ක් අදාළ කාර් රථයේ තිබී අත්අඩංගුවට ගෙන ඇති අතර එහි වටිනාකම රුපියල් ලක්ෂ 75ක් පමණ වන බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට පත් රියදුරා සඳහන් කොට ඇත්තේ කොළඹ සිට මාතලේ දක්වා මම සිගරට් ප්‍රවාහනය කරන බවත් තමන් මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත්ය.

මෙම සැකකරුට එරෙහිව මාතලේ පොලීසියෙන් විවෘත වරෙන්තුවක් නිකුත් කර ඇති අතර අලවතුගොඩ පොලීසිය විසින් සිද්ධිය පිළබඳ පරීක්ෂන මෙහෙයවයි.

ඡායාරූප පහතින්.


මහනුවර - කමල් සුරවීර 

Share on Google Plus

About විගස පුවත් I Vigasapuwath

Srilanka 24 Hours Online Breaking News Web Portal...
    Blogger Comment
    Facebook Comment

0 comments :

Post a Comment